රන් මිල දැවැන්ත ලෙස ඉහළට..
Friday, 20 October 2023 - 13:05 | Views - 1,002
ඊයේ(19) දිනයට සාපේක්ෂව, අද (20) දිනයේ දී රන් මිල රුපියල් 10,822ක් වැනි වැඩි මුදලකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 644,280ක් ලෙසයි.
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 22,730ක් ලෙස සටහන් වී ඇති අතර, කැරට් 22 ග්රෑම් 1ක මිල සටහන් වුණේ , රුපියල් 20,840ක් ලෙස යි.
එසේම, කැරට් 21 ග්රෑම් 1ක මිල රුපියල් 19,890ක් ලෙස සටහන් වුණා.
තවද, කැරට් 24 පවුමක මිල අද (20) දිනයේ දී රුපියල් 181,850ක් ලෙස සටහන් වී තිබුණා.
කෙසේ වෙතත්, වැඩිවෙන රන් මිල හමුවේ, කැරට් 22 පවුමක් රුපියල් 166,700ක් සහ කැරට් 21 පවුමක් රුපියල් 159,150ක් ලෙස අද දිනයේ දී මිල සටහන් වී තිබීමත් විශේෂත්වයක්..
Share This Article