විභාග අසමත් සිසුන් ට නව වැඩපිළිවෙලක්..
Friday, 20 October 2023 - 12:05 | Views - 963
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂ දෙක සහ උසස් පෙළ විභාගයෙන් අසමත් වන සිසු සිසුවියන් ලක්ෂයක ප්‍රමාණයත් ඇතුළුව සිසුන් ලක්ෂ තුනකගේ අනාගතය සාර්ථක කරවිමේ කාර්යභාරය ඉටු කිරීමට විශේෂ වැඩපිළිවෙක් ක්‍රියාත්මක කරන බව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ සභාපති රුචික අමරසේකර පවසනවා.

මහනුවර ස්විස් හෝටලයේදී ඊයේ (19) සවස පැවැති නයිටා ආයනතයේ සිසු සිසුවියන් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දීමට දායකත්වය සපයන සේවා යෝජක ආයතනවලට උපහාර දැක්වීමේ උත්සවයේදී සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

නයිටා ආයතන ඉතිහාසයේ සේවා යෝජකයන් සඳහා මෙවන් උපහාර උත්සවයක් පවත්වන පළමු අවස්ථාව ද මෙයයි‍.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සභාපති රුචික අමරසේකර,

''සාමාන්‍ය පෙළ විභාගයෙන් ලක්ෂ දෙකක් විතර අසමත් වෙනවා. උසස් පෙළ විභාගයෙන් 96,000 ක් විතර අසමත් වෙනවා. උසස් පෙළ විභාගයෙන් වැඩ තුනම අසමත් වන දරුවන් 26,000 ක් පමණ සිටිනවා. මේ තත්වය හමුවේ සාමාන්‍ය පෙළ අසමත් වන දරුවා ත්‍රී රෝද රථයකට නැඟීම වැළක්වීම සඳහා වැඩපිළිවළක් දියත් කළ යුතුව තිබෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වුණ දරුවන් නිතරම සමාජයෙන් කොන් කිරීමකට ලක් වෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වන ලක්ෂ දෙකත් උසස් පෙළ අසමත් වන ලක්ෂයත් ඇතුළුව ඒ ලක්ෂ තුන බලා ගන්න අපට පුළුවන් වෙන්න ඕනේ. ඒ සඳහා අපට විශාල වැඩපිළිවෙක් අවශ්‍ය වෙනවා. ඒ කාර්යයයි අපි මේ කර ගෙන යන්නේ. විදෙස් රටවල සේවය කරන අපේ සහෝදර සේවක පිරිසට ඒ රටවලටම ගොස් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බලා NVQ 3 හෝ NVQ 4 වර්ගයේ වෘත්තිය පුහුණු සහතිකයක් ලබා දීමේ වැඩපිළිවෙත් අප ආරම්භ කර තිබෙනවා. මෙමගින් විදෙස් රටවල සේවය කරන පිරිසට ඔවුන්ගේ හැකියාවට සුදුසුකමට සහතිකයක් ලැබෙන අතර ඔවුන්ගේ රැකියාවේ උසස්වීම් ලබා ගැනිමටත් වැඩි වැටුපක් ලබා ගැනිමටත් එය උපකාරි වනු ඇති..'' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top