විදුලි ගාස්තු වැඩි කළ ද ආපනශාලාවල ආහාර මිල ඉහළ නොදමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සභාපති හර්ෂණ රුක්ෂාන් කියා සිටියේ තම සංගමයේ සාමාජිකයන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් ප්රකාශ කළේ තම සංගමය කොත්තු, රයිස් සහ බත් පාර්සල් මෙන්ම කෙටි ආහාරවල මිල ගණන් වැඩි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.