විදුලි බිල ඉහළට..
Friday, 20 October 2023 - 8:16 | Views - 769
අද(20) සිට විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව, බින්දුවේ සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක් ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දමා ඇති අතර, 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමටයි අවසර ලබාදී ඇත්තේ.

එහි ස්ථාවර ගාස්තුවද රුපියල් 300 සිට 360 ක් දක්වා ඉහළ නංවනු ලැබුවා.

61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක්ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිටයි.

91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 59ක් දක්වායි.

එහි ස්ථාවර ගාස්තුව රුපියල් දහසේ සිට 1180 ක් දක්වා ඉහළ යනවා.

එමෙන්ම 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුවද රුපියල් 59 ක් දක්වා ඉහළ යන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1,770 ක් දක්වා වැඩි වෙනවා.

ඒකක 181න් ඉහළ විදුලි පරිභෝජනය කරන්නන් සඳහා ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව රුපියල් 89ක් දක්වා වැඩිවන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට ඉහළ දමා ඇත්තේ රුපියල් 2,360 ක් දක්වායි.

මෙලෙස ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ මෙම වසරේ තුන්වන වරට වීම විශේෂත්වයක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top