මධුසමය හීනයක් කෙරූ, මඟුලට ලැබුණු අමුතු තෑග්ග..
Thursday, 19 October 2023 - 12:43 | Views - 834
මධුසමය දිනයේ රාත්‍රීයේ තෑග්ගක් ලෙස ලැබුණු ස්මාර්ට් ජංගම දුරකථනයක් නිසා තරුණ යුවළකට නිදි වර්ජිතව මුළු රැයම ගෙවීමට සිදු වූ පුවතක් වාර්තා වෙනවා.

සිද්ධියට අනුව වසර ගණනාවක පෙමින් වෙළුණු මෙම යුවළගේ පෙම පලදරමින් මහනුවර ආසන්නයේ හෝටලයක උත්කර්ෂවත් ලෙස පැවැත් වූ විවාහය මංගල උත්සවයකින් අවසන් විය.

මනාල යුවළ මධුසමය සඳහා සීත කඳුකර පෙදෙසක හෝටලයක් කරා ගියහ.

දවසේ විඩාව උණු දියෙන් නිවාගත් යුවළ දවසේ තොරතුරු පිළිබඳව ආවර්ජනය කරන්ට වූහ.

ඔවුන්ට විදේශීය මිතුරකුගෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු නවීන පන්නයේ සුහුරු ජංගම දුරකථනය මතක් වන්නට විය.

මංගල දිනයේ වූ සොඳුරු මතකයන් එම නවීන පන්න​ය් සුහුරු ජංගම දුරකථයේ ගබඩාකර තිබු අතර ඒවා නැරඹීමට ඔවුන් අතර එකඟතාවක් ඇති විය.

ඒ අනුව දුරකථනය ගෙන ක්‍රියාත්මක කළ අතර එහි ආරක්ෂාව වෙනුවෙන් මුර පදය ලෙස යොදා තිබුණේ මනාලිය වූ තරුණියගේ මුහුණයි.

කිහිප විටක් දුරකථනයේ ආරක්ෂක අගුල විවෘත කිරීමට තම මුහුණ වෙත ළං කළත් එය සක්‍රීය නොවිණි.

තම උත්සාහය අත නොහැරි මනාලිය සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මනාලයාට සිදු වූ දේ තේරුම් ගැනීමට හැකි වූ අතර ඒ අනුව මනාලිය ලෙස හැඩගැන්වීමට රූපලාවන්‍ය ආයතනය වෙත ගොස් වෙස් ගැන් වූ ඡායාරූපයක් ඒ සඳහා යොදා ගැනීම පටලැවිල්ලට හේතු වූ බව ඔහු තම බිරිඳට කීවාය.

තමන් දවස පුරා ලබා ගත් ඡායාරූප හා වීඩියෝ බැලීමේ ආශාවෙන් පෙළුණු මනාලිය තම රූපලාවන්‍ය දැනුම යොදා සිය ගමන් මල්ලේ සඟවා තිබූ රූපලාවන්‍ය උපකරණ ගෙන ඒවායෙන් නැවත මනාලිය වෙස් ගැන්වීමට වූ අතර මනාලයාට නිහඬව ඒ දෙස බලා සිටින්නට වූයේ මංගල දින රාත්‍රීයේ මනාලියගේ ආශාවට ඉඩ දෙමිනි.

ඒ වන විටත් මධ්‍යම රාත්‍රීය ද පසු වී තිබු අතර දවස් කිහිපයක විඩාවත් දහසක් බලාපොරොත්තු තබා සිටි මනමාල මහතාට තවත් පැය කිහිපයක් බලා සිටින්නට වූ අතර අවසානයේ ජංගම දුරකථනයේ ආරක්ෂක අගුල ඉවත්කිරීමට හැකි විය.

එසේ වූවත් මනාලිය හා එක්ව තවත් පැයක් පමණ ඡායාරූප හා වීඩියෝ නැරඹීමට ඔහුට සිදු විය. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top