කාසි පිරවූ ගෝනියක් දී යාචකයෙක් , iPhone 15 මිලදී ගත් හැටි..
Thursday, 19 October 2023 - 9:40 | Views - 747
ඉන්දියාවේ, මිල අධික අයිෆෝන් බොහෝ විට තත්ව සංකේතයක් ලෙස සලකනු ලබනවා.

මෑතකදී, 'Experiment King' නම් ඉන්ස්ටග්‍රෑම් නාලිකාවක් යාචකයෙකු iPhone එකක් මිලදී ගැනීමට පැමිණියහොත් සාප්පු හිමියන්ගේ ප්‍රතිචාරය කෙසේ වේදැයි බැලීමට සමාජ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම වීඩියෝවේ, යාචකයෙකු ලෙස සැරසී සිටි මිනිසෙක් iPhone 15 මිලදී ගැනීම සඳහා කාසි පිරවූ ගෝනියක් රැගෙන ජෝද්පූර් හි ජංගම ප්‍රදර්ශනාගාර වෙත පැමිණෙන අයුරු දක්නට ලැබේ.

සමහර ජංගම වෙළඳසැල් ඔහුට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර, පෙනෙන විදිහට ඔහුගේ අපිරිසිදු ඇඳුම් නිසා, බොහෝ දෙනෙක් ගෙවීමක් ලෙස කාසි පිළිගැනීමද ප්රතික්ෂේප කරනවා.

කෙසේ වෙතත්, එක් සාප්පුවක් අවසානයේ ඔහු පිළිගෙන ගනුදෙණුව සිදු කරනු ලබනවා.

පසුව එම පුද්ගලයා ගෝනිය බිම හිස් කර මුදල් කඩේ මුදලාලිට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට දෙන අතර පසුව කඩහිමියන් කාසි ගණන් කරන අයුරු වීඩියෝවේ දැක්වෙනවා.

යාචකයා පසුව iPhone Pro Max රැගෙන එය පරීක්ෂා කර සාප්පු හිමියා සමඟ පින්තූරයක් ද ගනු ලබනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top