අදත් වැසි
Thursday, 19 October 2023 - 6:39 | Views - 680
අද (19) දිනයේදීත් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, වයඹ,දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති වේ.
බස්නාහිර, දකුණු, වයඹ සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවෙන බවයි වාර්තා වෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
Share This Article