චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි !
Tuesday, 17 October 2023 - 13:24 | Views - 712
චිත්‍රපට නිෂ්පාදකයෙක්, මාධ්‍යවේදියෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක් ද වන බුද්ධි කීර්තිසේන අද(17) දින අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 83 වැනි වියෙහි පසු වී තිබෙනවා.
එසේම, මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 'බුද්ධි බතික්' නමින් සුප්‍රකට බතික් ව්යාපරිකයක් ද වන අතර,ඔහු එකල 'යසෝමා' වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් ක්ෂේත්රයට එක්වූ අයෙක්.
තවද කීර්තිමත් සිනමාවේදියෙකු වන විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් හිතාදර බූඩි ගේ පියා ඔහුය.
කෙසේ වෙතත්, එතුමන්ගේ නිසල දේහය ඔක්තෝබර් 18 වැනිදා අලුයම සිට 19 වෙනි බදාදා උදෑසන 9 වන තෙක් 158/3 ලේක් ඩ්‍රයිව්'හී නිවසේ තැන්පත් කෙරෙනු ඇති.
අනතුරුව දේහය 19 වැනිදා මධ්‍යහන 12 සිට සෙනසුරාදා දක්වා කොස්වාඩියේ Buddhi Batik නිවසේ තැන්පත් කොට තිබෙන අතර, නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු එදින ම සවස 4ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
ඔබට සුබ ගමන් !!!
Share This Article