සමරිසි විවාහ ගැන ඉන්දියාවෙන්, විශේෂ තීන්දුවක්..
Tuesday, 17 October 2023 - 12:37 | Views - 507
මේ කියන්න යන්නේ ඉන්දියාව අද ලබාදුන් ඉතා විශේෂ තීන්දුවක් ගැන..
සමරිසි විවාහ සඳහා අනුමැතිය ඉල්ලමින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් ඉවතට දැමීමට ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා...
මෙලෙස ඉවත් කෙරුණේ සමරිසි යුවල සහ සමාජ ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 21ක් සලකා බැලීමෙන් අනතුරුවයි...
එම තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ සමරිසි විවාහ නිත්‍යානුකූල බවට තීන්දු කිරීමට තමන්ට බලයක් නොමැති බවයි...
කෙසේවෙතත්, ඉන්දියානු රජය විසින් යෝජනා කර ඇති පරිදි සමරිසි යුවලවල් සඳහා සමාජ සහ නීතිමය අයිතීන් සහ පහසුකම් ලබා දීම වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ එකඟතාව පළ කර තිබෙනවා...

Share This Article