කාකි ඇඳුමට නොසැඟවුණු , හදවතේ දයාව.. නොලැබෙන්න ගිය අවස්ථාව ලැබුණු හැටි ?
Tuesday, 17 October 2023 - 11:28 | Views - 442
දරුවන්ට හදිසි අනතුරක් වෙන වෙලාව කාටවත් හරියට කියන්න බැහැ..

ඒත් එක්කම මේ කියන්න යන්නේ ඒ වගේ මොහොතක දරුවෙක් අපේක්ෂා නොකළ අනතුරක් ගැනයි...

කොහොම වුණත් පුංචි නිලිෂගේ බය සංකාව නැති වෙලා තියෙන්නේ ඒ පොලිස් මාමා පුංචි පුතාට උදව්කරන්න ආව නිසා වෙන්න ඇති... කොහොම වුණත් බහුතරයක් දෙනා බනින පොලීසිය ඇතුලේ මේ වගේ හොඳ හිත් තියනවා කියන එකත් ඒ කතාවෙන් ඔප්පු වෙනවා... මෙන්න ඒ කතාව...

නිලිෂ දේශාංජන බෝකුන්දර මහින්ද කනිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින දරුවෙකි. ඔහු මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා බොරලැස්ගමුව‍ මහා විද්‍යාලයේ විභාග ශාලාව වෙත පැමිණ පළමු ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියා අවසන් කර තිබිණි. අනතුරුව ලද විවේකයේදී තවත් සිසුවකු සමඟ වැසිකිළියට යෑමට දිව යෑමේදී ගොඩනැඟිල්ලේ කෙළවරේ පය පැටලී වැටී හිස පැළී ලේ ගලන්න වීමෙන් ඔහු මහත් බියට පත්ව හඬා වැටණා....

ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ විභාග ආරක්ෂණ අධීක්ෂණ රාජකාරි සඳහා පැමිණ සිටි බොරලැස්ගමුව පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂක ධර්මදාස එගොඩආරච්චි මහතා දරුවා අස්වසා, වහා විභාග ශාලාධිපතිවරයා දැනුවත් කර, ඔහුගේ අවසරය මත තම පෞද්ගලික මෝටර් රථයෙන් දරුවා විනාඩි කීපයක් ඇතුළත වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහල කරා රැගෙන ගොස් එහි වෛද්‍යවරුන්ට දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවකු බවට කරුණු පවසා, ක්ෂණිකව ප්‍රතිකාර කරන ලෙස ඉල්ලා තිබිණා....

ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දැක්වූ වෛද්‍යවරුන්ද යුහුසුලුව දරුවාට ප්‍රතිකාර කර තිබුණා...

ඒ අනුව යළි දරුවා විභාග ශාලාව වෙත රැගෙන ඒමට උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කළ අතර, ඒ කාලය අතරතුර විභාග ශාලාධිපතිවරයා අවශ්‍ය වගකිව යුතු ස්ථානවලට දුරකතනයෙන් අමතා හදිසි අනතුරට ලක් වූ දරුවා වෙනුවෙන් අමතර කාලයක් ලබාගෙන ඔහුට අසාධාරණයක් නොවන ලෙස කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවටයි වාර්තා වෙන්නේ...

විභාගය අවසන දරුවා කැටුව යෑමට පැමිණි මිත්තණිය උප පොලිස් පරීක්ෂකවරයාට සිට ප්‍රණාමය පුද කර සිටියේ කඳුළු පිරි දෙනෙතින්.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top