තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන දිවියට සමුදෙයි !
Tuesday, 17 October 2023 - 9:01 | Views - 684
කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ කිලිනොච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පෙරියපරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේල්කුමාර් තනිකේ සහ ලෝගේෂ්වරන් තමිලිනී නමැති වයස අවුරුදු 17ක තරුණියන් දෙදෙනෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.

අදාළ මරණයන් සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් එම දේහයන් අසල තිබී සොයාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද පොලිසිය සඳහන් කළා.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන්ගේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නැති බවත් ඔවුන්ට තවදුරටත් ජීවත් වීමෙන් පලක් නොමැති නිසා මේ අන්දමට සියදිවි හානිකර ගන්නා බවයි.

මේ දෙදෙනාම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල එන තෙක් උසස් පෙළ සදහා උපකාරක පන්ති යමින් සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

කෙසේ වෙතත්, මෙම මරණයන් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top