කිලිනොච්චිය, පෙරියපරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක තරුණියන් දෙදෙනෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන සිටිය දී ඊයේ (16) පස්වරුවේ කිලිනොච්චිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
පෙරියපරන්තන් ප්‍රදේශයේ පදිංචිව සිටි සුරේල්කුමාර් තනිකේ සහ ලෝගේෂ්වරන් තමිලිනී නමැති වයස අවුරුදු 17ක තරුණියන් දෙදෙනෙකුයි මෙලෙස මියගොස් ඇත්තේ.
අදාළ මරණයන් සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම තරුණියන් දෙදෙනා ලියූ බවට සැකකෙරෙන ලිපියක් ද පොලිසිය විසින් එම දේහයන් අසල තිබී සොයාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද පොලිසිය සඳහන් කළා.
එම ලිපියේ සඳහන්ව ඇත්තේ ඔවුන්ගේ මරණවලට කිසිවෙකු වගකිවයුතු නැති බවත් ඔවුන්ට තවදුරටත් ජීවත් වීමෙන් පලක් නොමැති නිසා මේ අන්දමට සියදිවි හානිකර ගන්නා බවයි.
මේ දෙදෙනාම අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිපල එන තෙක් උසස් පෙළ සදහා උපකාරක පන්ති යමින් සිටි ශිෂ්‍යාවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත්, මෙම මරණයන් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.