ඇස් රෝගය වැලැක්වීමට පාසල්වලට උපදෙස්..
Tuesday, 17 October 2023 - 8:36 | Views - 716
පාසල් ළමයින් අතර පැතිර යන ඇස් රෝගය බෝවීම වැලැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය, වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර ඇස්වල වේදනාව, කඳුළු ගැලීම, ඇස් මඳක් රතුවීම සහ ඇස් කැසීම එහි රෝග ලක්ෂණයි.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතර ඇස් රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් එම පාසලේ 6,7 සහ 8 ශ්‍රේණි වසා දැමීමට පියවර ගෙන තිබුණා.

එමෙන්ම බිබිල අධ්‍යාපන කලාපයට අයත් මහාමාත්‍ය විද්‍යා විද්‍යාලයේ සිසුන් 4 දෙනෙකුටද ඇස් රෝගය වැලදී ඇති අතර ඒ පිළිබඳව පාසලේ විදුහල්පති සුපුන් එස්. රත්නායක මෙලෙස අදහස් දක්වා පළ කළා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම, නිතර සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, ආසාදිත පුද්ගලයෙකු සිටීනම් ඇස් ඇල්ලීමෙන් වැලැකීම සහ නාන තටාක භාවිතයෙන් වැලකී සිටීම වැදගත් වනවා.

එමෙන්ම ඇස් රෝගය පාසලේ සිසුන් අතර නිරීක්ෂණය වන්නේ නම් වහාම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ සිසුන් අතර පැතිරී යන උණ, වමනය සහ පාචනය හේතුවෙන් ඊයේ සිට සතියක කාලයක් එම පරිශ්‍රය වසා තැබීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top