රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් ! වසර අගදී ලැබෙන්න යන දේ..
Sunday, 15 October 2023 - 16:34 | Views - 675
අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීමක් සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතුවලට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

"අපි දන්නවා ගිය අවුරුද්දේ තිබුණ තත්ත්වයට වඩා දැන් වෙනස්. අද විදුලිය කැපිල්ලක් නෑ. අද ගෑස් තියෙනවා. අද තෙල් තියෙනවා. රු 600ට තිබුණ පරිප්පු අද අඩුවෙලා තියෙනවා. රු 250ට තිබුණ හාල් අද අඩුවෙලා තියෙනවා. මේ අවුරුද්දේ නොවැම්බර් මාසය වෙනවිට මීටත් වඩා බඩු මිල අඩුවෙලා.

මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙනවා කියන එක අපි ඔබට මුලින්ම මතක් කරන්න ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක, ඇවිල්ලා තියෙන එකඟතාවයන් තුළ මේ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟතාවය පළ කරලා තියෙනවා. අනිකුත් රටවල් එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඉදිරි මාසය තුළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. එළැඹෙන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් අපට තියෙනවා. නැවතත් සංවර්ධන වැඩපිළිවෙලවල් ආරම්භ කරලා, අපිට මේ ගමන යන්න පුළුවන්..." 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top