අදත් වැස්ස
Sunday, 15 October 2023 - 6:34 | Views - 480
අද (14) පස්වරු 2.30 සිට රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනතාවට නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව දිවයිනේ උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල තැනින් තැන රාත්‍රී කාලයේදී මි.මී 75 ඉක්ම වූ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම නිවේදනයේ සඳහන්.
අකුණු සහ ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනයේ හෝ ගස් යට නොසිටින ලෙසත් කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැදී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
Share This Article