15 හැවිරිදි සිසුවා සමඟ 27 හැවිරිදි ගුරුවරිය අමුතු චාරිකාවක් ගිහින් ? කොල්ලා අම්මගේ රත්තරන් බඩුත් ගෙනියලා..
Saturday, 14 October 2023 - 13:23 | Views - 562
තම උපකාරක පන්තියට පැමිණි 15 හැවිරිදි සිසුවකු සමග ඇති කරගෙන ඇති බව කියන පෙම් සබඳතාවක් මත පැනගිය බව කියන 27 හැවිරිදි ගුරුවරියක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය පවසනවා.

උපකාරක පන්තිය අවසානයේ තම පුතු අතුරුදන්වී ඇති බවට එම මව්පියන් ද තම බිරිය අතුරුදන් බවට ග්‍රාමාරක්ෂක භටයකු වූ ඇයගේ සැමියා ද පොලිසිය වෙත පැමිණිලිකර ඇත.

අතුරුදන් උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා දුර ප්‍රදේශයකින් ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ගමෙන් පිටත්ව ගොස් තිබෙන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

ඔවුන් නුවරඑළියේ සිටින බවට ලැබුණු තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් වැලිගම සිට නුවරඑළිය දක්වා පිටත්ව ගොස් තිබෙනවා.

එක්දරු මවක වන කාන්තාව තම ගමේ ළමයින් හත් අට දෙනකු නිවසට කැඳවාගෙන ලෑලි මඩුවක ගණිතය ඇතුළු විවිධ විෂයයන් උගන්වන උපකාරක පන්තියක් පවත්වා තිබෙන බව පොලීසිය කියයි.

ඒ හැරෙන්න ඇයට විධිමත් වූ ගුරු පත්වීමක් නොමැති බව පොලීසිය සදහන් කරයි.


අදාළ උපකාරක පන්තිය වෙත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවාද පැමිණ ඇති අතර උපකාරක පන්ති ගුරුවරිය ඇයගේ රන් භරණ ද සිසුවා ඔහුගේ හා සිය මවගේ රන් මාල ද යන විට රැගෙන ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම දෙදෙනා අතර පෙම් සබඳතාවක් පැවැති බවට සැක කළ හැකි පෙම් හසුනක ඉරා දමන ලද කොටසක් කුණු බඳුනක තිබී පොලිසියට හමුවී ඇත.  



 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top