තනි නොවී, ඒ ආදරෙත් අරන්ම එයා යන්න ගිහින්.. (Photos)
ඉකුත් 11 වැනිදා ගලේවෙල, දඹුල්ල ප්රධාන මාර්ගයේ තලකිරියාගම ප්රදේශයේ දී යතුරු පැදියක් හා ටිපර් රථයක් ගැටී සිදු වූ අනතුරෙන් මිය ගිය පොලිස් කොස්තාපල්වරිය ගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණා.
ඒ පූර්ණ පොලිස් ගෞරව සහිතවයි.
මිය යන විට ඇය 25 හැවිරිදි වියේ පසු වුණු ඇය පේදුරුතුඩුව පොලීසියට අනුයුක්ත ව සේවය කළ කොස්තාපල්වරියක්.
ඇය ගේ දේහය තැන්පත් කර තිබුණු පෙට්ටිය මත ඇය වඩාත් ආදරය කළ 'ටෙඩිබෙයා' තබා තිබුණු අතර, එය කාගෙත් ඇසට කඳුළක් එක් කළ සංවේදී සිදුවිමක්.
එසේම ඇය ගේ දේහය භූමදානය කරන විට ද ටෙඩිබෙයා සමඟ භූමදානය කෙරුණු බව සඳහන්.

