බීමතින් සිපගන්න ගිහින් නොයෙන ගමන් යන්න වෙලා..
Friday, 13 October 2023 - 13:07 | Views - 382
මත් පැන් පානය කරමින් සිටියදී පුද්ගලයෙකු සිප ගැනීමට ගොස් පුද්ගලයෙකුට ජීවිතය අහිමි වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ දුන්ගල්පිටිය ප්රදේශයෙන්.
ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා ඉකුත් 8 දින සවස් කාලයේ බීමතින් තවත් පුද්ගලයෙකු සිප ගැනීමට යාමේදී, එයට උරණ වූ පුද්ගලයා සිප ගැනීම සිදු කිරීමට ගිය පුද්ගලයාට අතින් පයින් පහර දීම නිසා ඔහු බිම ඇද වැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වෙන්නේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩ පිටිපන ප්රදේශයේ පදිංචි (55) හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (13)පැවැත්වෙන බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
Share This Article