හුස්ම හොයන ජීවිත වලට මග විවර කර නික්ම ගිය ජැක්සන්.. (Video & Photos)
Friday, 13 October 2023 - 9:59 | Views - 821
ඔහුගේ හුස්ම වෙනුවෙන් සටන් කළ අය අතරේ ජාතික රෝහලේ ඔහුට වෙන් කළ ඇඳ ගැන කතා බහක් හදපු බොහෝ දෙනෙක් හිටියා... මේ හැම කතාවක්ම අහගෙන ඇන්තනී පවුලේ අය සද්ද නැතුව හිටියේ ඔහුන්ගේ එකම අරමුණ තමන්ගේ අප්පච්චී නැත්නම් මේ මහා කලාකරුවා නැවතත් ජීවත් කරවීම නම් වූ මහා භාරදූර කාර්ය නිසයි...කොහොම වුණත් කෘත්රිම ශ්වසනාධාරයෙන් ජැක්සන් ඇන්තනී වසරකට වැඩි කාලයක් ජීවත් වීම ගැන ගොඩක් දෙනෙක් කතා බහ කළත් ඒ ඔහු හුස්ම ගත්තේ ඔහුගේ පවුලේ පිරිස සහ හිතවතුන්ගේ ආධාර උපකාර මත ගත් ශ්වසන යන්ත්රයකින්...මේ ගැන කාටවත් කියන්න වත් ඒ ගැන පුරසාරම් දොඩන්න වත් ඔහුන් ගියේ නැත්තේ.. එහෙම දේවල්වලට අප්පච්චි අකමැති නිසා කියලා තමයි ඊයේ සජිත නම් කිව්වේ..මේ කතා අතරේ සියල්ලන්ගේම කරමතින් ඊයේ සවස නිසොල්මන්ව ගිය ජැක්සන් රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දෙව්මැදුරු බිමේදී මිහිදන් වුණේ ඔහුට ආදරය කළ ඒ රංගන පෞරුෂයට ආදරය කළ සැමගේ නෙත් කඳුළු සයුරේ ගිල්වමින්....



Share This Article