ඔබගේ ඇසට ආදරය කරන්න - ලෝක දෘෂ්ටි දිනය අද..
Friday, 13 October 2023 - 9:21 | Views - 663
ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් අද (12) ජාතික අක්ෂි රෝහල මගින් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පවත්වා තිබෙනවා.
එහිදි අක්ෂි සම්බන්ධයෙන් වන අනතුරුවලට අත් බෙහෙත් භාවිතා නොකොට ළඟම ඇති රෝහලට පැමිණෙන ලෙස ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චින්තක බටවල සඳහන් කළා.
මෙවර දෘෂ්ටි දිනයේ තේමාව ''ඔබගේ ඇසට ආදරය කරන්න'' යනුවෙනි.
වෛද්‍යවරු පවසන්නේ අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසයි.
අඩු පහසුකම් සහිත ප්‍රදේශවල අක්ෂි කඳවුරු මෙන්ම වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදවා ඇති බව එහිදි සඳහන් කළා.
වෛද්‍ය චින්තක බටවල වැඩිදුරටත් පැවසුවේ මාසයකට අක්ෂි ශල්‍යකර්ම 900කට අසන්න ප්‍රමාණයක් සිදු කරන බවයි.
Share This Article