"අපේ අප්පච්චි දින 458ක් හුස්ම ගත්තේ, අපේ පවුලේ අය රෝහලට පරිත්‍යාග කරපු යන්ත්‍රයකින් " - සජිත (Video)
Friday, 13 October 2023 - 7:24 | Views - 514
සිය පවුලේ නෑසියන්ගේ සහ කලා ලොවේ මෙන්ම තමන්ට ආදරය කල හිත මිතුරන්ගෙන්,රසික රසිකාවියන්ගෙන් ඈත් වී ජැක්සන් ඇන්තනී නම් සොඳුරු මිනිසා, මළ හිරු බැස යන සැන්දෑ යාමයේ නිසලව ඔහුගේ පියා,මව සහ සොහොයුරා අසල භූමිදානය වුණා.

නමුත් ඔහු වෙනුවෙන් අපේ සිත් තුල තිබෙන ඒ මතකය තව දුරටත් නොනැසී පවතී වී.

මේ ඔහුගේ භූමි දානය සිදු වූ අවස්ථාව. 



ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ අවමංග්‍ය සභාවේ ස්තූති කතාව සිදුකරමින් ඔහුගේ කණිටු පුත් සජිත ඇන්තනී සදහන් කළේ..

"මට මතකයි අපේ අප්පච්චි ඔපරේෂන් එකෙන් පස්සේ ඇත්තටම ඒ ඔපරේෂන් එක ඉතා සාර්ථකව සිදුවුණා. මගේ අප්පච්චි අපි අනතුර වෙලා රෝහල්ගතකරනකොට තියෙන තත්ත්වය ඉතාම හොඳ ප්‍රගතියක් අපි දැක්කා මගේ අප්පච්චි ටිකෙන් ටික වර්ධන වෙන හැටි දැක්කා. දකුණු අත විතරයි මුලින් හෙළෙව්වේ. පස්සේ වම් අත හොලවන්න ගත්තා. පස්සේ කකුල් හොලවන්න ගත්තා. අපි ගිහිල්ලා සින්දු කියනකොට අත්වලින් නටන්නත් පටන්ගත්තා. ICU වන් හි තාත්තාව බලපු සියලුම විශේෂඥ වෛද්‍යවරු හෙද හෙදියන් සහාය කාර්යමණ්ඩලය අනේ ඒ අයට බොහෝමත්ම ස්තූතියි. "

"මම යම් විදියකට කල්පනා කළා මගේ අප්පච්චිට හුස්ම දෙන ඒ මැෂින් එක දිහා බලාගෙන මැෂින් එකක් මිලදීගෙන හොස්පිටල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා. මැෂින් එකක් මිලදීගත්තා. ඒකට උදව් කරපු සියලුදෙනාට ස්තූතියි. ඥාතීන් තමයි අපිට උදව් කළේ. අපේ අප්පචිචි අන්තිම හුස්ම හෙලනකල් හුස්ම ගත්තේ අපි හොස්පිටල් එකට පරිත්‍යාග කරපු මැෂිමකින්. මේ වෙනකොට ඒ මැෂින් එක තව රෝගියෙකුට සම්බන්ධ කරලා හුස්ම දෙනවා ඇති."





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top