දැවැන්තයෙක් සමුගෙන යන ඒ මොහොත දැනෙන්නේ අමුතුම විදිහකට.. ඒක වචන වලට පෙරලන්න බෑ නේද ? (Video)
Thursday, 12 October 2023 - 14:34 | Views - 994
අභාවප්රාප්ත ප්රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කෙරෙනවා.
රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ දී අද සවස 03ට ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය පුරාම මහ වැසි නොතකා කලාකරුවන්, හිතවතුන්, දේශපාලනඥයින්, ආගමික නායකයින් ඇතුළු අති විශාල රසික පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ආකාරය දැක ගත හැකි වුණා.
Share This Article