මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ විශාල කිඹුලෙක්...
අඩි 8ක් පමණ දිගකින් යුත් කිඹුලෙක් මොරටුව ලුනාව දුම්රිය ස්ථානය ආසන්නයේ මහා මාර්ගයේ සිටි කිඹුලෙක් ප්රදේශවාසීන්ට හමුවී තිබෙනවා.
අද (12) අලුයම 1ට පමණ මෙම කිඹුලා සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.
කිඹුලා මුහුදු වෙරළේ සිට රේල් පාර හරහා ගමන් කර ඇති බවට දිස්වන පා සටහන් ද දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ.