ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ අවසන් කටයුතු අද..
Thursday, 12 October 2023 - 9:29 | Views - 684
අභාවප්‍රාප්ත ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) සිදු කිරීමට නියමිත ව තිබෙනවා.

රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානයේ දී අද සවස 03ට ආගමික කටයුතු සිදු කිරීමෙන් අනතුරු ව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය දින කිහිපය පුරාම මහ වැසි නොතකා කලාකරුවන්, හිතවතුන්, දේශපාලනඥයින්, ආගමික නායකයින් ඇතුළු අති විශාල රසික පිරිසක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ආකාරය දැක ගත හැකි වුණා.

2022 වසරේ ජුලි මස 22 වැනිදා, ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථය වන අලියෙකුගේ ගැටී අනතුරකට ලක්වුණේ අනුරාධපුර තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී යි.

එහිදී බරපතල තුවාල ලැබූ ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එනු ලැබුවා.

ඉන් අනතුරුව මාස 14කට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top