'' අපි පැරදුනා.., අප්පච්චිව හොරු ගෙනිච්චා... '' - මාධවී ඇන්තනී (Video)
Tuesday, 10 October 2023 - 13:57 | Views - 795
ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී සූරීන්ගේ නිසල දේහය අසල ඔහුගේ බිරිඳ කුමාරි , දියණිය මාධවී ඇන්තනී, සහ පුතුනුවරුන් වන අකිල සහ සජිත හඬා වැටෙමින් ඔවුන්ගේ ආදරණිය අප්පච්චිට අවසන් ගෞරව දක්වන මොහොතක, ජැක්සන් ඇන්තනී මහතාගේ ආදරණිය දියණිය මාධ්‍යට අදහස් දැක්වුයේ මෙලෙසයි..

" අප්පච්චි වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න එන රසිකයින්, හැමකෙනෙක්ම අප්පච්චිට ආදරේ කරන අය. අප්පච්චි එක්ක එකට වැඩකරපු අය. අපි අඳුරන්නේවත් නැති බොහෝදෙනෙක් අප්පච්චිට ආදරේ ප්‍රකාශ කරන්න මෙතෙනට එනවා. ඒ හැමකෙන්ටම ගොඩක් ස්තූතියි. අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ. අප්පච්චිට වෙන ආදරයක් නෑ. හරිම අහිංසක ඉක්මනින් දුක හිතෙන, දුක හිතෙන අහිංසක අවංක මනුස්සයෙක් මගේ අප්පච්චි. ඒක ගොඩක් අයට විශ්වාස කරන්න බැරි වුණා. මොකද බහුතරයක් දෙනා එහෙම නැති නිසා.

අපි අප්පච්චි වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කළා. අපි පැරදුනා. අප්පච්චිව හොරු ගෙනිච්චා. අප්පච්චිට ආදරේ කරපු අයට පුළුවන් ඇවිත් අවසන් ගෞරවය දක්වන්න.

ඔයාලට බොහෝම ස්තූතියි අප්පච්චි වෙනුවෙන් වචනයකින් හරි හිත හැදෙන්න, අප්පච්චිට ආදරේ එකතු කරන්න කියපු දෙයක් කරපු දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ගොඩක් පින්. නොදැනුවත්කමින් හරි අප්පච්චිගේ හිත රිදෙන දෙයක් වුණා නම් ඒකට අපි තරහා නෑ. දැනුවත් වුණා නම් කවුරුත් එහෙම කරන්නේ නෑ. හැමෝම දන්නවා මගේ අප්පච්චි අවංක කෙනෙක්. එයාට තිබුණ හයිය තමා ඔයගොල්ලන්ගේ ආදරේ. මම හිතනවා අප්පච්චි කරපු දේවල් හැමාදාටම ඉතුරුවෙලා තියෙනවා. අප්පච්චිව හොරු ගෙනිච්චට ඒ නිර්මාණ ඉතුරු වෙලා තියෙනවා. ඒවා හොරුන්ට ගෙනියන්න බෑ. " 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top