තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී ජීවිතක්ෂයට..
Tuesday, 10 October 2023 - 9:19 | Views - 586
කොළඹ කුරුණෑගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිටිඅවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොල්ගහවෙල පොලිසිය හිරු අප වෙත සඳහන් කළේ.

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි, ගිරාබේ, පොල්ගහවෙල ප්‍රදේශවේ පදිංචි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

අදාළ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top