තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී ජීවිතක්ෂයට..
Tuesday, 10 October 2023 - 9:19 | Views - 587
කොළඹ කුරුණෑගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (09) රාත්රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිටිඅවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී තිබෙනවා.
පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා ඇති අතර ඔහුව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොල්ගහවෙල පොලිසිය හිරු අප වෙත සඳහන් කළේ.
එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි, ගිරාබේ, පොල්ගහවෙල ප්රදේශවේ පදිංචි පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.
අදාළ ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article