තවත් දිස්ත්රික්කයක පාසල් දින දෙකක් වැසීමේ තීරණයක් !
Sunday, 08 October 2023 - 15:31 | Views - 630
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්රික්කයේ සියලුම පාසල් සඳුදා සහ අඟහරුවාදා වසා දැමීමට තීරණය කර තිබෙනවා.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්රික්කයට බලපා ඇති ගංවතුර සහ නායයෑම් ආපදා තත්ත්වයන් හමුවේ පාසල් දරුවන්ගේ ආරක්ෂාවා ගැන සිතා මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, මීට පෙර මාතර දිස්ත්රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා වසා තැබෙන බවට දැනුම්දෙනු ලැබුවා.
Share This Article