වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඇති පොල්තෙල්වල වර්ගය හා මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.
අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අදාළ මිල ප්‍රදර්ශනය හා වර්ගය පාරිභෝගිකයාට හඳුනාගත හැකි වන පරිදි ප්‍රදර්ශනය නොකරන බෙදාහැරීම් ආයතන හා සිල්ලර වෙළෙඳසැල් මුද්‍රා තැබීමට අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පාරිභෝගික අධිකාරියට උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.
එමෙන්ම, වෙළෙඳපොළේ පවතින පොල්තෙල්වල බහුලව පවතින අහිතකර පිළිකාකාරක රසායනිකයක් වන ඇෆොලටොක්සින් අඩංගු බවට පැමිණිලි ලැබී තිබෙනවා.
මේ හේතුවෙන්, දේශීය වශයෙන් නිෂ්පාදනය කරන පොල්තෙල්වල සෑම මසකටම අහඹු ලෙස නිශ්චිත ඉලක්කගත සාම්පල තොග පරික්ෂා කරන ලෙස උපදෙස් ලබා දී ඇත.