වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් ?
Saturday, 07 October 2023 - 13:05 | Views - 615
මෙම දශකය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශය, දකුණු යුරෝපය සහ අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු උණ නවතම තර්ජනයක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඩෙංගු උණ කාලයක් පුරා ආසියාව සහ ලතින් ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල වසංගතයක් වී ඇති අතර, වාර්ෂිකව විසි දහසක් මියයන බවටයි වාර්තාවී ඇත්තේ.
2000 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගය ගෝලීයව අට ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, ඊට හේතුව කාලගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් බවටයි ජගත් සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
2022 වසරේ පමණක් ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 4.2 ක් වාර්තා වී ඇති අතර, සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත්තේ මේ වසරේ වාර්තාගත ඩෙංගු ව්‍යාප්තියක් සිදුවිය හැකි බවටයි.
Share This Article