විදෙස් ප්‍රේෂණවල වැඩිවීමක්..
විදේශගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
එම කාර්යංශය සඳහන් කළේ 2023 වසරේ මුල් මාස 8 තුළ ඩොලර් මිලියන 3,863 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇති බවයි.
2022 වසරේ මුල් මාස 8 තුළ ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් එවා තිබූ අතර, එම වසරේ අදාළ කාලය හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස අට තුළ ප්‍රේෂණවල ඉහළ යාම 74.4% ක් වන බවයි වාර්තා වන්නේ.