පළාත් කිහිපයකට මිලිමීටර් 100ක තද වැසි
Friday, 06 October 2023 - 15:39 | Views - 565

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට තද වැසි ඇති වෙන බවයි.
නිල්වලා, ගිං, අත්තනගලු සහ කලු ගගේ - කුඩා ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇගවීම ඉදිරි පැය 24 සදහා ද දීර්ඝ කර තිබෙනවා.
මේ අතර, ආපදා කළමනාකරණය මධ්‍යස්ථානය නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 13,627ක පුද්ගලයින් 55,780 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
බස්නාහිර පළාතේ පමණක් පවුල් 10,990කට අයත් පුද්ගලයින් 45,138 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.
ආපදා හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක නිවාස 7කට පුර්ණ හානි සිදු වී ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 702ක්. එසේම, පවුල් 352 කට අයත් පුද්ගලයින් 1473 දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රදවා ඇති බවයි වාර්තා වන්නේ.
අධිවේගී මාර්ග මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 8597 දෙනෙකු බලපෑමට ලක්ව ඇති අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 208 කට අර්ධ හානි සිදුව ඇති බවයි.
මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිවිසුම ජලයෙන් යට වී තිබෙනවා.
Share This Article