අද සිට සියලුම දුම්රිය නියමිත පරිදි ධාවනය වනවා - දුම්රිය පාලක මැදිරිය
Friday, 06 October 2023 - 11:04 | Views - 578
දුම්රිය නියාමකවරුන් දියත් කළ වර්ජනය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ මහජන සහන මැදිරියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

දුම්වැටියක් මුල් කර ගනිමින් මාලිගාවත්ත දුම්රිය අංගනයේ සේවයේ නියුතු උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහරදීමට විරෝධය පළකමින් නියාමකවරුන් පෙරේදා (04) ලෙඩ නිවාඩු වාර්තා කර මෙම වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කල බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් පෙරේදා දුම්රිය ගමන්වාර 80 ක් අවලංගු වූ අතර ඊයේ (05) දින ගමන් වාර 50කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

දුම්රිය නියාමකයින්ගේ සංගමය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමඟ ඊයේ දහවල් පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පැමිණි එකඟතාව මතයි වර්ජනය අවසන් කිරීමටයි තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් අද (06) උදෑසන සිට සියලු දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා. 







Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top