කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මේ වන විට 05 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.
එමෙන්ම, තවත් බොහෝ පිරිසක් ආසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද සඳහන් වෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පිටකොටුවේ සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.
මෙම අනතුර හේතුවෙන් ආර්.ඒ. ද මෙල් මාවතේ රථවාහන ගමනාගමනය මුලුමනින්ම අවහිර වී ඇති අතර අවට මාර්ගවල තදබදයක්ද පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, කොළඹ - මහනුවර මාර්ගයේ බටලීය කජුපුරය ආසන්නයේදී පෞද්ගලික මගී බස් රථයක් බවුසරයක සහ කන්ටේනර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අද(06) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් විසි දෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගත්තා.