UPDATE..
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් මේ වන විට 05 දෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇති බවට වාර්තා වෙනවා.
එමෙන්ම තවත් බොහෝ පිරිසක් රෝහල් ගතකර ඇති බවටයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කරන්නේ..
--------------------------------------------------------------------------------------------
අලුයම 6ට පමණ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කරමින් ඇති බවය.