2030 සහ 2052 අතර කාලය තුළ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සෙන්ටිග්‍රේඩ් 1.5% දක්වා ළඟා විය හැකි බව දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය ඇස්තමේන්තු කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ 5 වැනි සංසදයේදී බවයි වාර්තා වන්නේ.
මෙලෙස ලෝකයේ සත්ව විශේෂවලින් 8% ක් අහිමි වී ඇති බවත්, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම හේතුවෙන් 22% ක් වඳවීමේ අවදානමට ලක් වී ඇති බවට ජනාධිපතිවරයා පවසා ඇති බවයි වාර්තා වන්නේ.
එසේම වසර 100කට පෙරට වඩා 10,000 ගුණයක වේගයෙන් ජෛව විවිධත්වය මේ වන විට ලෝකයට අහිමි වෙමින් පවතින බවද මෙහිදී පවසා තිබෙන බවයි සඳහන් වන්නේ.