බෙහෙත් ගන්න ඇවිත් ලක්ෂ ගාණක මොබයිල් එකත් උස්සලා..
Thursday, 05 October 2023 - 14:36 | Views - 507
කොළඹ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගී පුද්ගලයකු වෛද්‍යවරයා සතු රුපියල් ලක්ෂ හතරක් වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ගොස් ඇතැයි බ්ලූමැන්ඩල් පොලිසිය පවසනවා.
අවුරුදු 68 ක් වයස වෛද්‍යවරයා මේ බව බ්ලූමැන්ඩල් පොලීසියට පැමිණිලි කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙම ජංගම දුරකථනය සොරාගෙන ගිය අය ගැන තවම තොරතුරු ලැබී නොමැති අතර එම පුද්ගලයා ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට බ්ලූමැන්ඩල් පොලීසිය පරීක්ෂණ පවත්වන බවද සඳහන්.
( සටහන හා ඡායා රූප - උපුටා ගැනීමකි )
Share This Article