ආහාර හිඟයක් ? අනතුරු ඇඟවීමක්..
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (4)පැවැති සාකච්ඡාවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටින්නේ හදිසි කාලගුණික වෙනස්කම්වල බලපෑම නිසා අප රටට ආහාර හිඟයකට මුහුණ දීමට සිදුවීමේ අවදානමක් මතුව ඇති බවයි.
පහතරට එළවළු වගාවන් ද මේ වනවිට වර්ෂාව නිසා විනාශ වී ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගා කර තිබු අක්කර 15,000ක පමණ මුං ඇට වගාවන් ද මුළුමනින්ම විනාශව ගොස් ඇති අතර රටේ සමස්ත මුං ඇට අවශ්‍යතාවයෙන් සියයට 40ක් පමණ මෙම වගාවෙන් ලබා ගැනීමට හැකිව තිබූ බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ පසුගිය දිනවල පැවැති දැඩි නියඟය නිසා වී වගා කළ අක්කර 70,000ක් පමණ විනාශ වී ඇති අතර දැනට පළාත් කිහිපයකට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව නිසා අස්වනු නෙලීමට ආසන්නව තිබූ අක්කර සිය ගණනක වී වගා විනාශ වී ඇති බවයි.