පාසල් සිසුන්ට සුබ ආරංචියක්.. ඉදිරියේදී ලැබෙන්න යන දේ මෙන්න..
Thursday, 05 October 2023 - 10:42 | Views - 725
පාසල් සිසුවියන් ලක්ෂ අටකට පාවහන් ලබා ගැනීම සඳහා රුපියල් තුන්දහසක වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කරන බව අධ්‍යාපන අමාත්‍යා සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම, 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඊයේ (04) ප්‍රකාශ කළා.

තවද , මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

එසේම, 2023 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පසුගිය (03) දා නිවේදනය කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය මධ්‍යස්ථාන 2888 කදී පැවැත්වීමට නියමිතයි.


No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top