දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ විෂයභාර රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අදාළ කාරක සභාව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාන්තා හා ළමා පොලිස් ඒකකය ඇතුලු පාර්ශවකරුවන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුව සම්බන්ධීකරණය කිරීම ජාතික ළමාරක්ෂක අධිකාරියට පැවරෙනු ඇති.