දෙසැම්බර් මාසය වනවිට සහනයක්
Thursday, 05 October 2023 - 7:19 | Views - 735
ලබන දෙසැම්බර් මාසය වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ අද(04) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින්ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි.

අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

කෙසේ වෙතත්, ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 343 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3470.00ක් වනවා.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 137 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1393.00ක් වනවා.

කිලෝ ග්‍රෑම් 2.3ක සිලින්ඩරය රුපියල් 63 කින් වැඩි වී ඇති අතර ඒ අනුව, එහි නව මිල රුපියල් 650.00ක් ද වනු ඇති.

තවද, මීට අදාළව ලාෆ් ගෑස් මිල ද ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමනු ලැබුවා.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 3985.00ක් වනු ඇති.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරය රුපියල් 60 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 1595.00ක් වනවා.






 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top