බේකරි නිෂ්පාදන මිල යළි ඉහළ යයි ද ?
Tuesday, 03 October 2023 - 9:57 | Views - 345
යළිත් වරක් විදුලිබිල ඉහළ දැමීමක් සිදු කළහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
මේ වනවිට විදුලිබිල යළිත් වරක් ඉහළ දැමීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබෙනවා.
ඔක්තෝබර් මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබුණේ මෙවන් පසුබිමකයි.
කෙසේ වෙතත්, දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා ගාල්ලේ ඊයේ(02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද තමන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.
Share This Article