ලෝක අමද්‍යප දිනය අදට (ඔක්තෝබර් 03) යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම, දිවයිනේ සියලු සුරාසල් වසා දමන ලෙසට සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් මද්‍යසාර භාවිතය නිසා ඇති වන රෝගාබාධවලින් ජීවිතක්ෂයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.
කාන්තාවන් අතරින් සියයට 20 ක් පමණ මත්පැන් භාවිතයට හුරුව ඇති බවයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූබි රූබන් ප්‍රකාශ කළේ.
අදට යෙදෙන ජාත්‍යන්තර මද්‍යසාර නිවාරණ දිනය අප සමරන්නේ එවන් වටපිටාවක් තුළයි.