බියගම ඝාතනයට සැකකාර ව්‍යාපාරිකයා පොලිසියට භාරවෙයි - හෙළි නොවූ සුලමුල එළියට.. (Video)
බියගම - කොට්ටුන්න වැව ඉවුරේ තිබී හමුවු සිරුර හිමි කාන්තාවගේ (51) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ සැකකාර ව්‍යාපාරිකයා සපුගස්කන්ද පොලිසියට භාරවී තිබෙනවා.
බියගම කොට්ටුන්න වැව් ඉවුරේ තිබී හිස, අත් සහ පාද නොමැතිව ඝාතණය වු කාන්තාවකගේ කවන්ද මළ සිරුරක් මීට දින කිහිපයකදී හමුවී තිබුණා.
මේ සම්බන්ධයෙන් ඇ හා සමීප ඇසුරක් පැවැත්වු ව්‍යාපාරිකයෙකු හා එම කාන්තාව ඇය මිය ගිය දින නගරයේ ආපනශාලවට ගිය අයුරු එහි තිබු CCTV කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.
කාන්තාවගේ සිරුර හමුවුදා සිට එම ව්‍යාපාරිකයා ප්‍රදේශයෙන් අතුරුදන්ව සිටි අතර ඔහු සොයා පොලිස් පරීක්ෂණ ක්රියාත්මකවුණා.
මේ ඔස්සේ අදාල වයාපාරිකයා සොයා පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවේදියි අද දින(02) මෙසේ එම ව්‍යාපාරිකයා පොලිසියට භාරවී තිබෙන්නේ.