ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද..
Sunday, 01 October 2023 - 11:31 | Views - 778
ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය අද (ඔක්තෝබර් 01)ට යෙදී තිබෙනවා.

මෙවර ළමා දින තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්න වන අතර මෙවර වැඩිහිටි දින තේමාව වන්නේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයින්ගේ ඔරොත්තු දීමේ හැකියාව‘ යන්නයි.

"ලෝක ළමා දිනය" සැමරීමට දිනයක් ‍යොදා ගත යුතු බව ප්‍රකාශයට පත් කෙරුණේ 1925 දී පැවති දරුවන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවේදීයි. ඒ සඳහා සුදුසු දිනයක් තෝරා ගත යුතු බවට තීරණය කෙරුණේ, 1954 වසරේදී වන අතර ඒ අනුව, රටවල් එම දිනය සැමරීම සඳහා විවිධ දින යොදා ගෙන ඇති අතර, ශ්‍රී ලංකාව ලෝක ළමා දිනය සමරන්නේ, ඔක්තෝබර් 01 වැනි දිනයි.

මෙවර ලෝක ළමා දින උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා පෙ.ව. 10.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය හා අගමැති කාර්යාලයේ මූලිකත්වයෙන් සිදු කෙරෙන මේ උත්සවයට ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ ද සහභාගි වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම ඔක්තෝබර් පළමු වන දා වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, 1990 වසරේදීයි.

වැඩිහිටි සුභසාධනය, ආරක්ෂාව සඳහා නීතිමය ප්‍රතිපාදන, සවිබල ගැන්වීම සහ ජාතික වැඩිහිටි සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සඳහා මේ වන විටත් අවධානය යොමු වී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top