අන්තර්ජාලයෙන් 60%ක හිංසන මුහුණු පොතෙන්..
Friday, 29 September 2023 - 12:23 | Views - 489
ෆේස්බුක් මාධ්‍ය හරහා සිදුවන හිංසන 60% සිදුවන බව හෑෂ් ටැග් සහ නිතින් ඩිලීට් සංවිධානය ඒකාබද්ධව ' ප්‍රත්‍යා' මැයෙන් කළ නවතම සමික්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

මෙම සමික්ෂණයේ දී 2022 වසරේ නොවැම්බර් මාසයේ සිට තොරතුරු එකතු කරමින් තොරතුරු හා සන්නිවේදන භාවිතයේ සිදුවන අගතින් පිළිබඳව නිරික්ෂණය කර තිබෙනවා.

කථනයේදී වෙනස් කොට සැලකීම, හිරිහැර කිරීම් සහ තර්ජන, අනවසරයෙන් පෞද්ගලික තොරතුරු බෙදාහැරීම, අනන්‍යතාව සොරකම් කිරීම, තොරතුරු පාලනය සහ හැසිරවීම, සූක්ෂ්ම විධියට ලුහුබැඳීම සහ නිරීක්ෂණය කිරීම, තාක්ෂණය භාවිතයෙන් ලිංගික අපයෝජනය සහ සූරාකෑම මේ සමීක්ෂණයේදී හඳුනාගත් ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත පදනම්ව වූ හිංසන ක්‍රියා අතර වෙන බවයි සඳහන් වන්නේ.

මෙම අපරාධ බොහෝමයක් කර තිබෙන්නේ පිරිමි සහ පිරිමි ළමයින් වීම සමීක්ෂණ කණ්ඩායම හඳුනාගෙන තිබෙන විශේෂ කරුණක් බවට පත් වී තිබෙනවා.

මොවුන් නිසා අගතියට පත්වන කාන්තාවන් හා දැරියන් ඉන්ටර්නෙට් නිසා ජීවිතයෙන් විඳවන බව පෙන්වා දෙන සමීක්ෂකයෝ පුද්ගලයෙකුට සිදුවූ අගතිය පිළිබඳව පවුලේ අයට කීමට ඇති දැඩි අකැමැත්ත නිසා පොලිසිය වෙත යෑම හෝ නීතිමය පියවරක් ගැනීමට පියවර නොගැනීමෙන් තවදුරටත් පීඩාවට පත්වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි සඳහන් වන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top