ලෝක ළමා දිනයට - දරුවන්ට තෑග්ගක් !
Friday, 29 September 2023 - 12:21 | Views - 806
ලෝක ලමා දිනයට සමගාමීව දෙහිවල සත්වෝද්‍යානය සහ ඊට අනුබද්ධ ආයතන නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අවුරුදු 12න් පහළ දරුවන් සඳහායි.
ඔක්තෝබර් මස 01 දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් මෙම සුවිශේෂී අවස්ථාව හිමිකර දී ඇත්තේ.
එදින දරුවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය කෙරෙන බවයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසන්නේ.
Share This Article