වැස්ස වැටෙන්නේ මෙහෙමයි කියලයි , එයාලා කියන්නේ..
Friday, 29 September 2023 - 10:52 | Views - 643
ඉදිරි පැය 24 තුළදී පවතින වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර සඳහන් කළේ නිල්වලා, කළු, ගිං යන ගංඟා සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින අතර ස්ථාන කිහිපයක සුළු ගංවතුර තත්ත්වයන් වාර්තා වී ඇති බවයි...

ගිං ගඟ පිටාර ගැලීමෙන් බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් පවතින අතර කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වී තිබෙනවා...

එමෙන්ම නිල්වලා ගඟේ තලගහගොඩ, පානදුගම, පිටබැද්දර සහ ඌරව ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා..

අත්තනගලුඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින අතර එහි ගංවතුර අවධානමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර සඳහන් කරනවා...

අප වාර්තාකරු තත්පරයට ඝණ අඩි 3000ක ජල ප්‍රමාණයක් මහවැලි ගඟට මුදා හැරෙන බවයි..

මේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ජලාශවල ජලමට්ටම සම්බන්ධයෙන් ජල ගැලීම් හේතුවෙන් මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙනවා....

පවතින දැඩි වර්ෂා තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා...

ඒ අතරින් දිස්ත්‍රික්ක 3ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර තිබෙනවා..

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයටද, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලටද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට ද මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර ඇත්තේ...

මේ අතර දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ රැසකට විමසිලිමත්ව පසුවිය යුතු බවට දැක්වෙන කහ වර්ණයෙන් යුතු නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ඊයේ නිකුත් කෙරුණා...

එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.. 

ගාල්ල දිස්ත්‍රික්කය – නෙළුව, ඇල්පිටිය
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – අගලවත්ත, වලල්ලාවිට
කෑගල්ල දිස්ත්‍රික්කය – රුවන්වැල්ල
මාතර දිස්ත්‍රික්කය – මුලටියන, අතුරළිය
රත්නපුර දිස්ත්‍රික්කය – කලවාන, කොළොන්න, ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, අයගම, ඇළපාත, නිවිතිගල, පැල්මඩුල්ල
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top