බිනර පුන් පොහෝ දිනය අදයි
Friday, 29 September 2023 - 8:59 | Views - 373
බිනර පුර පසළොස්වක පොහොය අදට (29) යෙදී තිබෙනවා.

අද දිනයේ බුදු සසුනේ සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ මෙහෙණි සසුනේ ආරම්භය අද වැනි බිනර පුන් පොහෝ දිනයක සිදුවීමයි. බුදුන් වහන්සේගේ කිරි මව වූ මහා ප්‍රජාපතී දේවියට බුදු සසුනට ඇතුළත් වීමට අවශ්‍ය යැයි බුදුන් වහන්සේට පැවසූ විට බුදුන් වහන්සේ ඊට බලවත් සේ විරුද්ධ වුණා.

ආනන්ද හිමියන්ගේ බලවත් උත්සාහය මත බුදුරජාණන් වහන්සේට කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මග විවෘත කළ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ට ගරු ධර්ම පිළිගත යුතු බව බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි වුණ බවයි බුදු දහමේ දැක්වෙන්නේ.

ශ්‍රී ලාංකිකයන්ට බිනර පොහොය දිනය වැදගත් වන්නේ, තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු රජාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත් බුදු පියාණන් වහන්සේගේ ලලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමත් මෙම උතුම් බිනර පොහෝ දිනයේදී සිදු වී තිබීමයි.

බිනර පුන් පොහොය නිමිත්තෙන් අද උදෑසන සිට දිවයින පුරා වෙහෙර විහාරවල බෞද්ධ බැතිමතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවල නිරත වෙනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...
Hiru Tv Blog
චීනයේ ශාන්ෂි ප්‍රදේශයේ පිහිටි 14 වන සියවස දක්වා දිවෙන ඓතිහාසික පිංයාඕ පුරාණ...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top