බොන්න කැමති අයට අද විශේෂ දවසක්..
අපිට උදාවෙන හැම දවසක්ම විශේෂ දවසක්.
ඔබ දන්නවද අද දවසේ විශේෂත්වය මොකක්ද කියලා?.
අද ලෝක බීම බියර් දිනයයි .
ලෝක බීම බියර් දිනය සමරනු ලබන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් හි සුප්‍රසිද්ධ ගිනස් බෲවරි නිර්මාතෘ ආතර් ගිනස්ගේ උපන්දිනයෙන් දින කිහිපයකට පසුවයි (ඔහුගේ සැබෑ උපන් දිනය සටහන් කර නැතත්).බියර් ඉතිහාසයට ඉතා වැදගත් වූ මේ මිනිසාට ගෞරවයක් වශයෙන් වීදුරුවක් ඔසවා බියර් එකක් පානය කිරීමට මේ දිනය නම් කර තිබෙනවා.වසර 200කට වැඩි කාලයකට පසුත් මිනිසුන් අඩ අඳුරු කුටි තුල සිහින් සංගීතයක් එක්ක බියර් රස විඳිනවා.බියර් නිපදවීම 1040 දක්වා දිව යනවා කියලා දැනගන්න තියෙන්නේ.තවත් සමහරු විශ්වාස කරනවා තවත් අවුරුදු 5000කට එපිටදි මේ පානය සොයා ගන්න ඇති කියලා.ඒ වගේම පැපිරස් (papyrus scrolls) ලිපිවල පුරාතන බියර් පානය සඳහා ගන්නා අමුද්‍රව්‍ය සම්බන්ධව සටහන් තබා ඇතැයි අන්තර්ජාලය තුල සඳහන් වෙනවා.දෙළුම්,ඖෂධ පැලෑටී සහ රට ඉඳි මේ සඳහා යොදාගෙන ඇතැයි සඳහන් වී තිබෙනවා.ඉතින් බියර් ඉතිහාසය ඔන්න ඔය වගේ.අද ඉතින් ඔයාටත් පුළුවන් ඔයාලගේ ප්‍රියතම පානය සමරන්න බියර් වීදුරුවකින් ඔයාගෙ මනදොල සපුරගන්න.
